බර්මියුඩා ත්‍රිකෝණය ගැන නොඇසූ කතා
මේ ලෝකයේ තවමත් පවතින සුපිරිම අභිරහසක් තමයි බර්මියුඩා ත්‍රිකෝණය කියන්නෙ. එකිනෙකා විවිධ මත පළකෙරුවත් තවමත් කාටවත් හැකිවෙලා නෑ නිශ්චිතව මේ ගැන හරි විස්තරයක් කියන්න. බර්මියුඩා ත්‍රිකෝණයට The Devil’s Triangle කියලත් කියන්නෙ ඒ නිසාම තමයි. ගොඩක් අය දන්නවා ඇතිනෙ බර්මියුඩා ත්‍රිකෝණයේ දි වෙලා තියෙන අමුතු භයංකාර දේවල්. ඉතින් මේ කියන්න හදන්නෙ වැඩිය කවුරුත් නොදැන හිටපු දේවල් කිහිපයක් ගැනයි.
Christopher Columbus
Christopher Columbus ව දන්නවා ඇතිනේ. පොඩි කාලෙ ඉතිහාසය පොතේ එහෙම හිටියද කොහෙද. කොලොම්බස් තමයි පළවෙනියටම බර්මියුඩා ත්‍රිකෝණයට ගිය පුද්ගලයා. කොලොම්බස් කියලා තියෙනවා එයා මුහුදු ගමනක යෙදෙන අතරෙ ගිනි ජාලාවක් මුහුදට කඩන් වැටුනා කියලා මේ ප්‍රදේශයෙන් ගමන් කරනකොට. මොකක් කියලද හිතන්නෙ.? වෙන මොකද්ද ඉතින් උල්කාපාතයක් තමයි. බොරුවට බය වෙලා.
කාල අවවර්තනය – Time Warp
බර්මියුඩා ත්‍රිකෝණය හරහා යන ගුවන් යානාවලට වෙලා තියෙන දේවල් දන්නවා ඇතිනෙ. හැබැයි එහෙම දේවල් අතරේ බර්මියුඩා ත්‍රිකෝණය හරහා ගමන් කරපු ගොඩක් ගුවන් නියමුවො කියලා තියෙනවා ඒ ගොල්ලන්ගේ ඔරලෝසු වගේම ගුවන් යානාවල තියෙන ඔරලෝසුවලත් වෙලාව අවුල් යනවා කියලා. ඇයි මෙහෙම වෙන්නෙ.? බොහොමයක් අය දරන මතයක් තමයි මේ Time Warp සිදිදිය. බහු මානගතව කාල තරණය – multi-dimensional time travel කරන්න පුලුවන් කියලා ලොකු මතයක් මේ නිසා හැදිලා තියෙනවා. එහෙම දෙයක් නිසා කාලය අවහිර වීමක් වෙන්න පුලුවන් කියලා තමයි මේ අය කියන්නෙ.
අත්හැරපු නැව්
බර්මියුඩා ත්‍රිකෝණය ඇතුලේ අත්හැරලා දාපු නැව් පාවෙමින් තියෙනවා කියලා වාර්තා වෙලා තියෙනවා. ඒ වුනත් ඉතින් මේ නැව්වල හිටපු කාර්යමණ්ඩලයේ අයවත් මොනම මනුස්සයෙක්ටවත් වුන දෙයක් තාම දැනගෙන නෑ.
ඇමෙරිකානු නැව්
බර්මියුඩා ත්‍රිකෝණය ගැන අභිරහස් මතු වෙන්න පටන් ගන්නේ 1941 දි ඇමෙරිකානු සහෝදර නැව් දෙකක්ම නිකන්ම අතුරුදහන් වුන සිද්දියත් එක්ක. එකම වගේ නැව් දෙක එකම ගමන් මගේ ගිහින් තිබුනා වුනත් මෙහෙම වුනේ කොහොමද කියන එකට තවමත් උත්තරයක් නෑ.
විද්‍යාඥයන්ගේ මතය
විද්‍යාඥයන් විශ්වාස කරන්නේ බර්මියුඩා ත්‍රිකෝණයේ තියෙන්නෙ ඉතාම අයහපත් කාලගුණ තත්ත්වයක් කියලා.(අයහපත් කියන්නෙ එසේ මෙසේ අයහපත් නෙමෙයි නොනවතින වැස්ස, කුණාටු වගේ) ඒ නිසාලු මෙහෙම නැව්, ගුවන් යානා අතුරුදහන් වෙන්නෙ.
ඇමෙරිකානු වෙරළ ආරක්ෂක අංශය
ඇමෙරිකානු වෙරළ ආරක්ෂක අංශයනම් මේ කියන තරම් බර්මියුඩා ත්‍රිකෝණය කියන්නෙ භයානක තැනක් නෙමෙයි ලු. ඒ අය කියන්නෙ බර්මියුඩා ත්‍රිකෝණය කියන්නෙත් අනිත් තැන් වගේම සාමාන්‍ය මුහුදු කලාපයක් කියලා විතරයි. කවුද දන්නෙ ඇමරිකන් කාරයා මොනවා හංගනවද කියලා ලෝකයාගෙන්.
අනතුරුවලට හේතු

12 Vile Vortices
බර්මියුඩා ත්‍රිකෝණයත් එක්ක තියෙන හොඳම කතාවක් තමයි මේ 12 Vile Vortices කියන්නෙ. ලෝකය පුරා විහිදිලා තියෙන 12 Vile Vortices ප්‍රදේශවලින් එකක් තමයි බර්මියුඩා ත්‍රිකෝණය කියන්නෙ. 12 Vile Vortices වලට අයත්වන ප්‍රදේශවල තමයි බොහොමයක් පැහැදිලි කරගන්න බැරිවුන අභිරහස් දේවල් සිදුවෙලා තියෙන්නෙ. මොකද්ද 12 Vile Vortices කියන්නෙ? මෙතනින් ගිහින් බලන්න.
ලෝක ව්‍යාප්ත පරිසර අරමුදල – World Wide Fund For Nature
ලෝක ව්‍යාප්ත පරිසර අරමුදල විසින් 2013 දී පළ කර තිබුනා, ලොව භයානකම මුහුදු ගමන් මාර්ග පිළිබද ලොකු විස්තරයක්. හැබැයි හොඳම වැඩේ කියන්නෙ බර්මියුඩා ත්‍රිකෝණය මෙතන නැති එක.
අතුරුදහන් වූ කාර්යමණ්ඩලය
1955 බෝට්‍ටුවක් බර්මියුඩා ත්‍රිකෝණයෙදී දරුණු කුණාටු 3කට හසුවෙලා තියෙනවා. බෝට්‍ටුව තිබුනට කාර්යමණ්ඩලය තාමත් නෑ.
මීතේන් බුබුළු
තවත් සුපිරිම තියරියක් තමයි මේ මීතේන් බුබුළු කියන්නෙ. මීතේන් බුබුළු කියන්නෙ විශාල නැව් පවා මුහුදුබත් වෙන්න හේතු වෙන කාරණයක් ලු. මේ මීතේන් බුබුළු බර්මියුඩා ත්‍රිකෝණය අවට තියෙනවා කියලා මතයක් තියෙනවා. ඒත් ඉතින් විද්‍යාඥයන් නම් මේක විශ්වාස කරන්නෙ නෑ.
ඇත්තටම දැන් තත්ත්වෙ මොකද්ද.?
ඇත්තටම දැන් තත්ත්වෙ තමයි තවමත් බර්මියුඩා ත්‍රිකෝණය අවට ප්‍රදේශයේදී අවුරුද්දකට කුඩා නැව් 20ක් හා ගුවන් යානා 4ක් අතුරුදහන් වෙනවා කියන කතාව. ඒත් මේ දේවල් වැඩිය ප්‍රසිද්ධ කරන්නෙ නෑනෙ. මෙතන මොකක්හරි දෙයක් අනිවාර්යයෙන්ම තියෙනවා කියලා තමයි අපිටනම් හිතෙන්නේ.
මීට වඩා ඔයාලත් දන්න දෙවල් අපිත් එක්ක බෙදාගන්න commant section එක පාවිච්චි කරන්න..😇😇😇😇












0 comments:
Post a Comment